සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය අදයි.

තරගයේ පළමු දිනය නිමාවට පත්වන වන විට ඊයේ දිනයේ සිය පළමු ඉනිමට පන්දුවට පහර දෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 127ක් ලබා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 135ට පිළිතුරු වශයෙනි.

ශ්‍රී ලංකා පළමු ඉනිම වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 28ක් ලබාගත් නායක දිනේෂ් චන්දිමාල්ය.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27ක්ද දසුන් ශානක ලකුණු 23ක්ද වනිදු හසරංග ලකුණු 19ක්ද ලබාගැනීමට සමත් වූවා.

මෙම තරගයේ පළමු ඉනිමේදීද කුසල් මෙන්ඩිස් සුපුරුදු පරිදි ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට Stuart Broad සමත් වූවා.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 127ක් ලබාගත්තා.

නොදැවී පන්දුවට පහර දෙන නායක Joe Root ලකුණු 66ක් ලබා සිටින අතර Jonny Bairstow ලකුණු 47ක් ලබා සිටිනවා.

දැවී ගිය ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ ආරම්භක පිතිකරුවන් වන Zak Crawley සහ Dom Sibley යි.

තරගය  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්