සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කරනු ලැබුවේ.

තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කණ්ඩායම් මෙසේය.

Sri Lanka Team : 1 Lahiru Thirimanne, 2 Kusal Perera, 3 Kusal Mendis, 4 Dinesh Chandimal (capt), 5 Angelo Mathews, 6 Niroshan Dickwella (wk), 7 Dasun Shanaka, 8 Wanindu Hasaranga, 9 Dilruwan Perera, 10 Lasith Embuldeniya, 11 Asitha Fernando

England Team: 1 Zak Crawley, 2 Dom Sibley, 3 Jonny Bairstow, 4 Joe Root (capt), 5 Dan Lawrence, 6 Jos Buttler (wk), 7 Sam Curran, 8 Dom Bess, 9 Stuart Broad, 10 Mark Wood, 11 Jack Leach.

අවසන් වරට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජය 3-0ක් ලෙසින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූවා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් නායක දිමුත් කරුණාරත්න අද තරගයට ක්‍රීඩා නොකරන අතර දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ නායකත්වය මෙහෙයවනු ලබනවා.

මේ අතර එංගලන්ත කණ්ඩායම 23 හැවිරිදි ඩෑන් ලෝරන්ස් හට ටෙස්ට් වරම් හිමි වූවා.

මෙන්න බලන්න තවත් පුවත්