ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු වන ළහිරු තිරිමාන්නට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඊයේ (02) දින සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල්දැමීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියි.

මෙන්න බලන්න තවත් පුවත්