පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක ඓතිහාසික සටහනක් තබමින් ඊයේ (3)රාත්‍රියේ යුපුන් අබේකෝන් නැමැති ශ්‍රී ලාංකික සුපිරි ධාවන ශූරයා පිරිමි මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගයක එම පදක්කම දිනාගත් පළමු පලමු ආසියාතිකයා ලෙස තම නාමය සනිටුහන් කරමිනුයි.

එදා මෙදා තුර වසර 22ක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසය තුළ පිරිමි මීටර් 100 ඉසව්වේ අවසාන තරගය සඳහා කිසිදු ආසියාතිකයෙකු තේරී පත් වී නොතිබූ අතර, මීටර් 100 ඉසව්වේ පළමු ස්ථානය දිනාගත් කෙන්යාවේ ෆර්ඩිනැන්ඩ් ඔමන් යාලා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර වේගවත්ම මිනිසා ලෙස තත්පර 10.2 කින් තම තරගය අවසන් කරද්දී, දෙවන හා තුන්වන ස්ථානය තීරණය වූයේ මිලි තත්පර 1 ක වෙනසකිනුයි.

ඒ යුපුන් අබේකෝන් තප්පර 10.14 ලෙස තම කාලය වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගනිද්දි දෙවන ස්ථානයේ දිනූ දකුණු අප්‍රිකානු ජාතික ක්‍රීඩක අකානි සිම්බිනේ තත්පර 10.13 ක් ලෙස තම කාලය වාර්තා කළ තත්වයක් තුළයි.

මෙය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී සංධිස්ථානයක් වන අතර, යුපුන් නැවත නැවතත් ඉතිහාසගත වන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසය තුළ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගයකදී මලල ක්‍රීඩකයකු වසර 24 කට පසුව ලබා ගත් පලමු පදක්කම ලංකාවට හිමිකර දෙමිනුයි. ඒ 1998 වර්ෂයේදී සුගත් තිලකරත්න විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම හිමිකර ගැනීමෙන් අනතුරුවය.

එමෙන්ම වසර 92 ක් ද පුරාවට විවිධාකාර ඉසව් සංවිධානය කරමින් පැවති පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගවල පදක්කමක් දිනාගත් සිව්වන ශ්‍රී ලාංකිකයා ලෙස තම නාමය සනිටුහන් කළ යුපුන් අබේකෝන් මෙරට මීළඟ සැබෑ වන ඔලිම්පික් සිහිනය බව නොඅනුමානය.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්