22 දෙවන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ  පිරිමි කවපෙත්ත විසි කිරීමේ පැරා මළල ක්‍රීඩා ඉසව්වේ  රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක පාලිත  බණ්ඩාර ඊයේ (3) සමත් වූවා.

 

මීටර් 44.20  දක්ෂතාවක් පෙන්නුම්  රිදී පදක්කම දිනා ගත් පාලිත බණ්ඩාර ක්‍රීඩාගාරයේ සිටි ප්‍රේක්ෂකයන්ගේ හදවත සොරා ගනිමින් තම ඉසව්ව නිම වීමටත් පෙරම  ලෝකඩ  පදක්කමක් දිනූ තම සගයා වෙත සුභ පැතුම් පිරිනමන පිණිස සිය ආබාධිත පාදයද සමඟින් දිව යන අයුරු කැමරා කාච කාචයේ සටහන් වී තිබුණා.

 

එලෙසින් ඊයේ (3) රාත්‍රිය ශ්‍රී ලාංකික ක්‍රීඩා ඉතිහාසයට  ස්වර්ණමය රාත්‍රියක් බවට පත්කරමින්  රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් ගෙන ඒමට  ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන  පාලිත බණ්ඩාර සහ යුපුන් අබේකෝන් සමත්වූ අතර, ඒ  අතරින් තම සගයාගේ ජයග්‍රහණය අභිමුව  පාලිත බණ්ඩාර පෙන්නුම් කළ  හැසිරීම ඔහුගේ රිදී පදක්කමට රත්තරන් වටිනාකමක් ගෙන එනු ලැබුවා.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්