යුපුන් අබේකෝන් පිරිමි මීටර් 100 දකුණු ආසියානු වාර්තාව අලුත් කරයි

යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති මලල ක්‍රීඩා උලෙළකදී මීටර 100 ඉසව්ව තත්ත්පර 10.06 ක කාලයකින් නිම කිරීමට සමත් වුණා.

ඒ සමඟින් දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව ඔහු විසින්ම බිඳ හෙළීමට සමත්වීම විශේෂත්වයක්. මීට පෙරද එම වාර්තා දෙකේම හිමිකරුවා වූයේ යුපුන් අබේකෝන් වන අතර ඔහු එහිදී එම තරඟ ඉසව්ව තත්පර 10.15ක කාලයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඉදිරියේදීත් යුපුන්ට මෙලෙස වාර්තා පිට වාර්තා තැබීමට නිව්ස් මේනියා අපගේ සුබපැතුම් එක් කරනවා.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්