ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය අද (20) සමත් වී තිබේ.

පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ අබ්දුල්ලා ශෆීක් පන්දු 408 දී නොදැවී ලකුණු 160 ක් රැස් කිරීමට සමත් විය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් බාබර් අසාම් ලකුණු 55 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙවෙනි ඉනිමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් දවා ගනි.

තරගය නිම වන විට පාකිස්තාන ලකුණු පුවරුව කඩුලු 6 ක් දැවී ලකුණු 344 ක් ලෙස සටහන් විය.

පකිස්තාන ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබී ය.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්