චමින්ද වාස්ට පසුව ටෙස්ට් තරඟයක දී කඩුළු 10ක් ලබාගත් දෙවන වේග පන්දු යවන්නා බවට පත්වීමට අසිත ප්රනාන්දු අද (27) සමත් වුණා.

ඒ බංග්ලාදේශයට එරෙහිව ලකුණු 144කට කඩුළු 10ක් ලබා ගනිමින්.

බංග්ලාදේශ පළමු ඉනිමේ දී අසිත ලකුණු 93කට කඩුළු 4ක් ලබා ගැනීමට සමත්වූ අතර බංග්ලාදේශ දෙවන ඉනිමේ දී ලකුණු 51කට කඩුළු 06ක් දවා ගැනීමට සමත්වුණා.

ඒ අනුවයි අසිත ප්රනාන්දු ටෙස්ට් තරගයක දී කඩුළු 10ක් ලබාගත් ශ්රී ලංකාවේ දෙවන වේග පන්දු යවන්න බවට පත්වන්නේ.

අසිතගේ පන්දු යැවීම නිසා බංග්ලාදේශ දෙවනි ඉනිම ශ්රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 28ක් ඉදිරියෙන් සිටියදී සීමා කරන්නට හැකිවුණා.

එමෙන්ම බංග්ලාදේශ ටෙස්ට් සංචාරය පුරාවටම ශ්රී ලංකා වේග පන්දු යවන්නන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වුණා.

මෙන්න බලන්න තවත් පුවත්