ආන්ඩුව විසින් විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරිපත් කිරිමෙ ප්‍රධාන අරමුන රාජපක්ශ පවුල් පාලනය නව මුහුනු වරකින් ඇරඹීම සදහා වටපිටාව සකසාගැනිම බව සමගි ජන බලවෙගයේ පො‍ළොන්නරුව දිස්ත්‍රික් පා.ම කින්ස් නෙල්සන් පවසයි.

එබැවින් ඒකාධිපති පාලනයකට පාර කපාගනිමින් 19 සංශෝධනයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරිම සදහා ඇති සාධනිය කරුනු ඉවත් කරමින් මෙම ගෙන එන 20 සංශෝධනයට එරෙහිව පාර්ලිමෙන්තුව තුල මෙන්ම පිටතද සටන් කිරිමට සජිත් ප්‍රේමදාස විපක්ශ නායකවරයා සමග කටයුතු කරන බව මන්ත්‍රිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පැවසුවෙ පොදුජන පෙරමුනේ අදුරදර්ශි ආර්ථික කළමණාකරනය නිසා ජීවන වියදම සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවයි.

අනාගත සිසු පරපුරේ දෑස් පෑදිමට ගුරු වෘත්තියට පිවිසිමට බලාපොරොත්තු වන විද්‍යාපීඨ සීමාවාසි ගුරුවරුන් ගේ අගෝස්තු මස දීමනා ගෙවීම රජය විසින් පැහැර හැර තිබෙන බව මන්ත්‍රිවරයා පැවසීය.

නිවරදි ආර්ථික දැක්මක් නොමැතිව ඉදිරියට යන මෙම රජයට පැවැත්මක් නොමැති බව ඉදිරියේදි වඩ වඩාත් සනාත වනු ඇති බව හෙතෙම පැවසීය.

මන්ත්‍රිවරයා මෙම අදහස් දැක්වුයේ සමගි ජන බලවෙගයේ මින්නේරිය ආසන බළමන්ඩලය අමතමින්ය.

මෙන්න බලන්න තවත් පුවත්