Australia appoints new envoy to Sri Lanka
 

ශ්‍රී ලංකාවට නව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයෙක්

 

ඔස්ට්‍රේරේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් මහත්මිය විසින්,   ශ්‍රී ලංකාවේ  මීළඟ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස්වරයා ලෙස පෝල් ස්ටීවන්ස් මහතා පත් කර ඇත.

එමෙන්ම මාලදිවයිනෙහි  නේවාසික ඔස්ට්‍රේරේලියානු මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවන තෙක් ඔහු මාලදිවයිනෙහි ද බලයලත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වරයා ලෙස කටයුතු කරනු ඇත.

ස්ටීවන්ස් මහතා ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවේ  ජ්‍යෙෂ්ඨ වෘත්තීය නිලධාරියෙකු වන අතර, මෑතක දී ඉන්දියාවේ සහ ඉන්දියානු සාගර ශාඛාවේ සහකාර ලේකම්වරයා වශයෙන්ද කටයුතු කළේය.

ඔහු මීට පෙර ස්වීඩනයේ ඔස්ට්‍රේලියානු තානාපතිවරයා ලෙසත්, තායිලන්තයේ, බ්‍රසීලයේත්, ඔස්ට්‍රේලියාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය දූත මණ්ඩලයේ  නිව්යෝර්ක්හිත් සේවය කර ඇත.

නව පත්වීම පිළිබඳව දක්වමින් ඔස්ට්‍ලියානු විදේශ අමාත්‍යවරරිය විසින් සඳහන් කොට ඇත්තේ, දූපත් රාජ්‍යයන් සහ ඉන්දීය සාගර අසල්වාසීන් වශයෙන් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සහ කල් පවත්නා සබඳතාවයක් පවතින්නේ සාමකාමී, ස්ථාවර සහ සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වන ඔවුන්ගේ අපේක්ෂාවන් මත වන බවයි.

“ 2022 දී අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරෙන මේ මොහොතේ, අපගේ සමීප මිත්‍රත්වය, පුළුල් ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ මිනිසුන් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධකම් මත පදනම් වෙනවා . 170,000 ක ජනතාවගෙන් යුත් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අපගේ සමාජයට සැලකිය යුතු දායකත්වයක් සපයනවා.”

යනුවෙන් කියා සිටි ඇය තව දුරටත් සඳහන් කර සිටියේ, ද්විපාර්ශ්වික සබඳතාවට සංවර්ධන සහයෝගීතාව, අධ්‍යාපනය සහ මිනිස් ජාවාරමට එරෙහිව සමීප සහයෝගීතාව ඇතුළත් වන බවයි.

එමෙන්ම , “වසර 70කට පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීමට ඕස්ට්‍රේලියාව කැපවී සිටිනවා. අපගේ ඩොලර් මිලියන 50 ක දායකත්වය ශ්‍රී ලංකාවට හදිසි ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට උපකාර වෙනු ඇති. මෙම සුවිශේෂී තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන් අපි ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කරනවා.” යනුවෙන් සඳහන් කරන්නට යෙදුනු ඇය 2019 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ ඔස්ට්‍රේලියාවේ අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන් ඉවත්ව යන මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතාට ස්තුතිය පුද කළාය.

 

මෙන්න බලන්න තවත් පුවත්