ඊයේ පස්වරුවේ සිට අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති මහජන විරෝධතා අද (10) අලුයම් කාලය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වුණා. විරෝධතාකරුවන් අවස්ථා කිහිපයකදී අරලියගහ මන්දිරයේ ගේට්ටු බිඳදමා ඊට ඇතුළුවීමට උත්සහ කලා. තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍ර@හාර එල්ල කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා.

යුධ, ගුවන් සහ නාවික හමුදා භට කණ්ඩායම් ද කැඳවා තිබුණා. විරෝධතාකරුවන් පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් අහසට වෙ@ඩි තැබීමක් ද සිදුකළා. අද අලුයම 02 ට පමණ අතිරේක හමුදා බලඇණි 03 ක් කැඳවා අරලියගහ මන්දිරය වටකර සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගත් බවයි ආරංචි මාර්ග පැවසුවේ.

අද (10) අලුයම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

 

මෙන්න බලන්න තවත් පුවත්