මන්ත‍්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ජාලාවල පළවන ප‍්‍රචාර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි.

1981 අංක 2 දරන ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන අනුව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා හෙට දිනයේ නාමයෝජනා භාර ගැනීමටත් බදාදා ඡන්ද විමසීම පැවැත්වීමටත් පාර්ලිමේන්තුව කටයුතු සූදානම් කර ඇති බව කථානායකවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

එකී පනතට සහ පාර්ලිමේන්තුවේ විධිවිධානවලට අනුව මන්ත්‍රීවරයෙකුට කිසියම් අයුරකින් අනිසි ලෙස බලපෑම් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවත් අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බවත් පොලිසිය සදහන් කරයි.

ඒ අනුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් B වාර්තාවක් මගින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර, කඩිනමින් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

එවැනි තර්ජනාත්මක පෝස්ට් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය කරන, ප්‍රචාරය කරන සහ ප්‍රචාරය කරන පරිපාලකයින්ට එරෙහිව පියවර ගන්නා බව පොලිසිය වැඩිදුරටත් කියා සිටී.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්