අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් විරෝධතාවල නිරත විය.

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රවේශ මාර්ගය ආසන්නයේ එම විරෝධතාකරුවන් අට්ටාලයක් ගොඩනගා තිබේ.

එම ස්ථානයේ “හොරු ගෝ ගම” නම් පුවරු ප්‍රදර්ශනය කර ඇති අයුරු දැකගත හැකිවිය.

ඊයේ උදෑසන සිටම පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග කිහිපයක් වසා දැමීමට ද පොලිසිය පියවර ගනු ලැබීය.

මේ අතර අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.

 

මෙන්න බලන්න තවත් පුවත්