ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් අද (14) සිදුව තිබේ.

මේ හමුව සදහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද ඊට එක්වී තිබේ.

අමෙරිකානු තානාපතිවරිය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පැවති එම සාකච්ඡාවේදී මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන වාතාවරණය සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවී තිබේ. එසේම තවත් කරුණු කිහිපයක් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර තිබූ බවද වාර්තා වෙයි

මෙන්න බලන්න තවත් පුවත්