
අගමැති අස්වෙන්න බෑ කියයි
තමාට ඉල්ලා අස්වෙන ලෙස පවසා සිදු කරන ලද ඉල්ලීම් ප්‍රතික්ශේප කරන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කියා සිටියි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මුහුණ දී සිටින දේශපාලන අර්බුදය හමුවේ මේ වන විට අමාත්‍යවරුන් හා ඔවුන්ගේ සහයකින් 40 කට වැඩි පිරිසක් ඉල්ලා අස්වී ඇති අතර, නමුත් තමාට ඉල්ලා අස්වෙන ලෙස කෙරෙන ප්‍රකාශ ඉවත දමමින් ඔහු කියා සිටින්නේ, ” තමන්ට ඡන්දදායකයන්ගෙන් දිගටම කරගෙන යාමට දැවැන්ත ජනවරමක්” ලැබී ඇති බවයි.
අමාත්‍ය මණ්ඩලය තුළ පැන නැගුනු ඉල්ලා අස්වීමේ රැල්ලත් සමග මේ වන විට බොරිස් ජොන්සන් හට පිරවීම සඳහා අමාත්‍ය ධූර 20 ක පමණ පුරප්පාඩු පවති.
Source : BBC