මෙරටට බුදු දහම දායාද කරමින් අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අද (14) දිනයට යෙදී තිබේ.

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසක වරයාත් බුදු රජාණන් වහන්සේගේ නිර්මල බුදු දහම රැගෙන අනුරාධපුර මිහින්තලා පව්වට වැඩම කරවීම අද වැනි දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සදහන් වෙයි.

චුල්ලහත්ථි පදෝපම සූත්‍රය ඇසීමෙන් දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස තෙරුවන් සරණ යාම සිදු වූයේද අද වැනි පොසොන් පොහොය දිනක බව සඳහන් වේ.

මිහින්තලා පව්වේදී භණ්ඩුක උපාසකවරයා පැවිදිකොට මහණ උපසම්පදාව සිදුකිරීම පොසොන් පොහොය දිනයේ සිදුවූ තවත් වැදගත් සිදුවීමකි.

මෙවර ද රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

”දේශය මිත්‍යාවෙන් මුදා ගනිමු” මෙවර පොසොන් උත්සවයේ තේමාවය.

මේ අතර, පොසොන් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා නගර අලංකාරවත් කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්