එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය මිෂෙල් බැචෙලට්ගේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කල වාර්තාව ශ්‍රී ලංකා රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම වාර්තාව ඇයගේ විෂය පථයට පටහැනි බවත් එහි සඳහන් කරුණු ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවත් එය ප්‍රතික්ෂේප කිරීමට හේතු වශයෙන් රජය ඉදිරිපත් කර තිබෙනවා. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණ කළා.

මෙන්න බලන්න තවත් පුවත්