මහර බන්ධනාගාරයේ කොරෝනා ආසාධිත තවත් රැදවියෙකු මිය ගොස් ඇති අතර ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිත මියගිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර බන්ධනාගාර  දෙපාර්තමේන්තුව නිවේදනය කළේ රැඳවියන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බවයි.

ඒ අනව බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් කොවිඩ් ආසාදිත රැදවියන්ගේ සමස්ත සංඛ්‍යාව 4,144 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර බන්ධනාගාර නිළධාරීන් 129 දෙනෙකුද වෛරස ආසාදිතයන් අතර වන බවයි වාර්තා වන්නේ.

වැලිකඩ බන්ධනාගාරයේ 880 දෙනෙක්, මැගසින් බන්ධනාගාරයේ 854 දෙනෙක්, මහර බන්ධනාගාරයේ 813 දෙනෙක්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 425 ක් සහ මීගමුව බන්ධනාගාරයේ රැදවියන් 351 දෙනෙකු ආසාධිතයන් අතර වනවා.

බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා රෝගීන්ගෙන් රැදවියන් 3,850 දෙනෙකු සහ නිළධාරීන් 123 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති අතර තවත් රැඳවියන් 285 ස් දෙනෙකු සහ නිළධාරීන් 06 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්