කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා තමා රාවණා පැණියක් පාවිච්චි කළ බවට මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කොරෝනා ආසාදිතව සිටින රාජ්‍ය ආමත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙලෙස කියා සිටියා.

“මම හෝ මගේ පවුලේ කිසිකෙනෙකු හෝ ඔය කියන පැණියක් පාවිච්චි කරලා නැහැ. මම කටයුතු කළේ වෛද්‍යවරුන් සහ හෙදියන් ලබාදෙන උපදෙස් අනුවයි. මම ඉතාම සෞඛ්‍යාරක්ෂිතව නිරෝධායනය වෙමින් සිටිනවා. ඔය කතාව කියන පුද්ගලයා මාව සම්බන්ධ කරගන්න හැදුවා. නමුත් මම ඊට ඉඩ දුන්නේ නැහැ.”

මෙන්න බලන්න තවත් පුවත්