ජෝසෆ් පරරාජසිංහම් ඝාතන නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුලු 05 ක් නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණයයි නියෝග කර තිබෙනවා.

2005 වසරේ නත්තල් දේව මෙහෙයට සහභාගී වෙමින් සිටියදීයි පරරාජසිංහම් මහතා වෙඩි තබා ඝාතනය කර තිබුණේ.

නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් පසුගිය සඳුදා දිනයෙදී අධිකරණය දැන්වූයේ අදාළ නඩුවේ චූදිතයෙකු ලෙස නම් කර සිටි පිල්ලෙයාන් ඇතුලු විත්තිකරුවන්ට එරෙහි නඩුව මින් ඉදිරියට පවත්වා ගෙන නොයන බවයි.

ඒ අනුවයි සැකකරුවන් නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්. සුසෙයිදාසන් මහතා අද(13) නියම කලේ.

මෙන්න බලන්න තවත් පුවත්