පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම මැති ඇමතිවරුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු වී තිබෙනවා.

මේ වනවිටත් ආශ්‍රිතයන් 40 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසන්නේ.

පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්වීමට නියමිතයි.

එහිදි පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එසේම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද සහ අනිද්දා දිනවල පී සී ආර් පරීක්ෂණ සිදු කෙරෙන බැවින් ඒ සදහා සහභාගි වන ලෙසට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්