73 වන ජාතික නිදහස් දිනයේ පෙරහුරු හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට මාර්ගවල අදත් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.ඒ මහතා සඳහන් කළේ පෙරවරු 6.00 සිට පස්වරු 1.00 දක්වා එම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

නිදහස් උත්සවය යෙදෙන හෙට දින අලුයම 4.00 සිට පස්වරු 1.00 දක්වා ද එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව නිදහස් චතුරශ්‍රය අවට මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන් වසා තැබෙන අතර තවත් මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කෙරෙනු ඇති.

මෙන්න බලන්න තවත් පුවත්