who is the president
 

20 රටට අලුත් ජනාධිපතිවරයෙක්

ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එළඹෙන 15 වනදාට පාර්ලිමේන්තුව කැඳවා ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ බව දැනුම් දීමටද, ඉන් අනතුරුව 20 වනදාට යළි පාර්ලිමේන්තුව කැඳවා ජන්දයක් මගින් ජනාධිපතිවරයෙක් තෝරා ගන්නා  බවටද පක්ෂ නායක රැස්වීමේදි එකඟ වී ඇත.

අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති පක්ෂ නායක හමුවෙන් අනතුරුව සමගි ජන බලවේග ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර  මහතා විසින් මේ බව මාධ්‍ය වෙතහෙළිකර සිටියේය.

“ජනාධිපතිවරයෙක් අස්වෙලා දින 3ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා ඒකට දැනුම් දෙන්න ඕනි.එතුමන්ලා නියම කළා ලබන 15 වන සිකුරාදා පාර්ලිමේන්තුව කැඳවා ඒක දැනුම් දීලා නාමයෝජනා ප්‍රකාශයට පත් කරලා ජන්දය තියන්න ඕනි.දින නියම කර ගත්තා එහෙම 13 වනදා අස් වුණාට පස්සේ ලබන සඳුදා නාමයෝජනා පත්‍ර බාර ගැනීමටත්, ඒ වගේම නාම යෝජනා පත්‍ර භාර අරන් දවස් දෙකක් ඇතුළත ඡන්දය තියන්න ඕනි.ලබන බදාදා වෙනකොට ඡන්දය පැවැත්වීමට තීරණය කළා.ඒ අනුව 20 වනදා මේ රටේ ජනාධිපතිවරයෙක් පත් කරන්න පාර්ලිමේන්තුව කටයුතු කරන්න ඕනි කියලා දින නියම කරගත්තා.”

ඔහු කියා සිටියේය.

 

https://www.newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්