මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වන දින සිට ජුනි මස 01 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම එලබෙන 17 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු ත@හනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

යම් අයෙක් හෝ ආයතනයක් මෙම නියෝගය නොසලකා ක්‍රියාකරනු ලැබුවහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසුවේ ය.

යම් පාර්ශවයක් හෝ ආයතනයක් විසින් මෙම නියෝග උල්ලංඝනය කරන බවට ලැබෙන තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

 

www.newsmania.lk
.

මෙන්න බලන්න තවත් පුවත්