හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මේ වන විට පැවැත්වෙන බව වාර්තා වේ.

ඒ පිළිබද අදහස් දක්වමින් විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළේ, ජාතික ප්‍රතිසංස්කරණ සහ ඉදිරි ගමන වැඩසටහනේ තීරණාත්මක හමුවක් ලෙස මේ සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මේ සාකච්ඡාව සදහා වික්ටර් අයිවන්, ගාමිණි වියන්ගොඩ , කේ.ඩබ්ලිව් ජනරංජන යන මහත්වරු ඇතුළු සිවිල් ක්‍රියාකාරිහු හා දේශපාලන නායකයෝ කිහිප දෙනෙක් ද ඊට එක්වී සිටී.

මෙන්න බලන්න තවත් පුවත්