දිවයින පුරා ඊයේ රාත්‍රී කාලයේදීත් ප්‍@$රචණ්ඩ කාරී ක්‍රියා රැසක් වාර්තා වුණා. හම්බන්තොට, මැදමුලන, ප්‍රදේශයේ ඉදිකර ඇති ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරය කිසියම් පිරිසක් විසින් කඩා දමා තිබෙනවා.

මේ අතර  වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස අසල ඊයේ රාත්‍රීයේ සිදුවූ වෙ%ඩි තැබීමකින් දෙදෙනෙකු මි@යගොස් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම ගමන්ගත් මෝටර් රථයකට මාකුඹුර ප්‍රදේශයේදී ප්‍ර$ හාරයක් එල්ල වි තිබෙනවා. එහිදී සුළු තුවාල ලැබූ මන්ත්‍රිවරයා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වුණේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි නිවාස 02 කට ,හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ අලව්ව මහරච්චිමුල්ල නිවසට, ද කිසියම් පිරිසක් ගි$නිතබා තිබෙනවා.

ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ වී සරත් කුමාරගේ නිවසට ද ඊයේ රාත්‍රියේ පිරිසක් ප#$හර දී තිබුණා. එහිදී තුවාල ලැබූ ප්‍රාදේශීය සභා සභාපතිවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මි#යගොස් ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ. .

මේ අතර හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කණක හේරත්, එස් එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන,
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චිගේ නිවාසවලට ද විරෝධතාකරුවන් දැඩි අ@ලාභහානි සිදකර තිබෙනවා.

අනුරාධපුර ඥාණා මෑණියන්ගේ නිවසට ද පිරිසක් ගි@නිතබා තිබෙනවා

මෙන්න බලන්න තවත් පුවත්