සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බව  පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ  පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව හරීන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පල කළේය.

ප්‍රශ්නය – නායකතුමා ඇයි භාරගන්නේ නැත්තේ ?

“ආසයි බයයි.. බෝට්ටුවේ නමයි..”

“අපි අද ජනාධිපතිතුමාව හමුවෙන්න වෙනම කණ්ඩායමක් යනවා. අපිට කියන්න තියෙන්නේ මේක ඇදුනා වැඩී. මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ මේ විදිහට රටේ ප්‍රශ්නයක් තියෙන මොහොතේ යම් යම් කැපකිරීම් කරලා මේක භාර ගන්න ඕනේ කියන එක.ඒක
මගේ පුද්ගලික මතය. මේ රටට අත්වෙලා තියෙන තත්ත්වය අනුව අපිට තව විනාඩියක්වත් නාස්ති කරන්න හැකියාවක් නෑ. මේ සියලු දේ එක්ක යම් කිසි තීරණයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් පුද්ගලික තීරණයක් ගන්න මම සූදානමින් ඉන්නේ.”

ප්‍රශ්නය – මොක්කද පෞද්ගලික තීරණය ?

“මම ස්වාධීනවෙලා, එන කණ්ඩායමක් එක්ක මේ රට වෙනුවෙන් වැඩකරන්න. මට ආයේ ඡන්දේ ඉල්ලුවත් එකයි නැතත් එකයි..”

මෙන්න බලන්න තවත් පුවත්