පාසල් සිසුන් දෙදෙනකු පැහැර ගැනීමට කළ කළ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇත.

 

ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ 15 හැවිරිදි සහ 17 වයස්වල පසුවන පාසල් දරුවන් දෙදෙනකු මෙම සිදුවීමට මුහුණපා ඇති අතර, නිවස ආසන්නයේ  වෙළඳසැල වෙත  ගොස් නැවත පැමිණීමේදී  මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින්  වැඩිමහල් දරුවා පැහැරගෙන නිවස ආසන්නයට රැගෙන ගෙන විත් ඇති අතර පසුව වැඩිමහල් දරුවා පලාගොස් තිබේ.

 

අනතුරුව සැකකරුවන් විසින් 15 හැවිරිදි සිසුවා අදාල මෝටර් රථයට නංවාගෙන පහරදී කිලෝමීටර් දෙකක් පමණ රැගෙන ගොස්  අතරමග දමා ගොස් ඇති අතර, ඇහැටුවැව මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන්ට ඇති වූ සැකයක් මත හා දෙමාපියන්ගේ පැමිණිල්ල මත  අදාල රථයේ සිටි පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

 

ඒ පිළිබඳව දක්වමින් පැහැරගැනීමට ලක්වූ සිසුවා කියා සිටියේ ,

“එදා අපි කඩේ යද්දි වාහනයක්  නවත්තලා තියෙනවා. අයියට එන්න කියලා කතා කරලා තියෙනවා. පෙට්‍රල් විකුණනවද කියලා අහලා තියෙනවා. පොලිසියෙන් වගේ. අයියා වාහනේ දාගෙන ගෙදරට ඇවිත් තියෙනවා. අයියා ලව්වා මට කෝල් කරා. අයියා කෝල් කර විදිය වෙනස් නිසා මම ඇහුවා කවුද ළඟ ඉන්නේ, ඇයි ඔහොම කතා කරන්නේ කියලා. මම ඉස්සරහට ආවා.එද්දි තුන්දෙනෙක් බැහැලා ආවා  මාව අල්ලගන්න. මාව ඇදගෙන ගියා පෙට්‍රල් විකුණනවද කියලා අහලා. අයියා බැහැගත්තා. මාව වාහනය ඇතුළට දාගත්තා. නැග්ගට පස්සේ ගැහුව චණ්ඩියෙක්ද කියලා අහලා. මම මීට කලින් ඒ අයව දැකලා නෑ. කිලෝමීටර දෙකක් වගේ ගිහින් මග දාලා ගියා.”

යනුවෙනුයි.

 

සැකකරුවන් තිදෙනා ගල්ගමුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්