ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා කිසි විටෙකත් තම පක්ෂයේ දායකත්වය ලබා නොදෙන බවට ජාතික ඡන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි.

අද (3) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ සෑම පක්ෂයකම සමාන අයිතීන් නියෝජනය වන, සෑම තීන්දුවකටම තම පක්ෂය දායකේ දායකත්වය නියෝජනය කිරීමට හැකි වන ආකාරය සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව තමන් යෝජනා කළ ද එම යෝජනා අසාර්ථක වී ඇති බවයි.

ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලබන්නේ ඔහු හා රාජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුවක් බැවින් ඒ සඳහා කිසිසේත්ම තම සහාය ලබා නොදෙන බව සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ

“රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපි දායකත්වය දක්වන්නෙ නැහැ. මොකද ඔහු යෝජනා කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි, ඔහුගේ සහ රාජපක්ෂලාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුවකට අනෙක් කණ්ඩායම් වල සහාය දැක්වීමක්. එය කරන්න අපි කිසිසේත්ම සම්මාදම් වෙන්නේ නෑ. නිවැරදි සෑම පක්ෂයක්ම සම අයිතීන් යෝජනය වන, සෑම තීන්දුවකට ම තම පක්ෂය දායකත්වය නියෝජනය කරන්න හැකි වන ආකාරයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන අපි යෝජනා කළා ඒක අසාර්ථක වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ යෝජනා කරන ඔහු හා රාජපක්ෂලාගේ ආණ්ඩුවේ කොටස්කරුවන් බවට පත්වෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් බවට පත්වෙන්නත් නෑ. එවැනි ආණ්ඩුවකට අපි දායකත්වය ලබා දෙන්නෙත් නෑ. එහෙත් ඔහු සූදානම් නම් මේ අර්බුදයෙන් ගොඩ ඒමට යම් කෙටිකාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඒ වැඩපිළිවෙළ ගැන සාධනීය කරුණු මත පදනම්ව අපිට ඒ වැඩපිළිවෙළට අපේ අනුකූලතාවය සදහා අදහස් ඉදිරිපත් කරමින් ඉදිරියට යන්න පුළුවන්.”

යනුවෙනුයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්