gemunu wijerathna
 

ඩීසල් ලබාදීම සඳහා රජය විසින් මෙතෙක් විදිමත් වැඩපිළිවෙලක් සකස්කර නොමැති බවත් එය මේ සතිය තුළ සකස් නොකරන්නේ නම් එළඹෙන සඳුදා දින සිට බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා , මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මේ වන විට රට තුළ නැවතත් දරුණු ඩීසල් හිඟයක් ඇතිව තිබෙන බවය.

” ප්‍රයෝගිකව මෙයට වැඩපිළිවෙලක් කරන්න තාමත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට හැකියාවක් ලැබිල නෑ. අද වන විට ධාවනය කරපු බස් වලින් හතරෙන් එකක් පමණක් ධාවනයේ යෙදෙන්නේ. සියලුම බස්රථ ඩීසල් පෝලිම්වල. මේ විදියට අපට ප්‍රවාහනය කරන්න බෑ .සේවක මහතුන්ට පඩි දෙන්න ඕන. කොවිඩ් එකත් එක්ක මාස ගණනාවක් ලීසිං ගෙවාගන්න බැරි වුනා. මේ තත්වය තුල අපි දිගින් දිගටම කිව්වා පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබා දෙන්න කියලා. මේ සතිය තුල අනිවාර්ය යෙන්ම ඩීසල් ලබාදීම සඳහා විදිමත් වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. ලංගමට ඩීසල් ආවෙ නෑ. ඒ නිසා ඒ අයට අපට දෙන්න විදියක් නෑ. දැන් දරුවන්ගේ විභාගය ඉවරයි .අපට අකමැත්තෙන් උවත් ධාවනය කරන බස් රථ ටිකත් නවත්තන්න සිද්ධවෙනවා.”

මෙන්න බලන්න තවත් පුවත්