ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස ජෙරොම් ජයරත්න මහතා පත්කර ඇති බව වාර්තා වන අතර ඔහු අගමැති බාලපුත් හා විවාහ වී සිටින ටට්යානාගේ පියා වෙයි.

මේ වන විට පැවැත්වෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයෙන් අනතුරුව පැවැත් වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ජෙරොම් ජයරත්න මහතාට හිමි වීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව එම තරගාවලියෙන් අනතුරුව ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා ස්ථීර කළමනාකාරවරයකු පත් කිරීමට නියමිතව ඇති බවටද වාර්තා වෙයි.

මෙන්න බලන්න තවත් පුවත්