sri lanka win match
 

ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉනිමක හා ළකුණු 39 ක ජයක් ලබා ගත් අතර, එහිදි දිනේෂ් චන්දිමාල් විසින් ද්විත්තව ශතකයක්ද ලබා ගන්නා ලදී.

මෙහිදි ළකුණු 59 ට කඩුලු 6 ක් දවා ගන්නට සමත් වූ සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ප්‍රභාත් ජසූරිය තරගයේ වීරියා බවට පත්වූ අතර, පළමු ඉනිමේදි ඔහු ලබා ගත් කඩුලු 6 ද සමඟින් ඔහු විසින් මෙම තරගයේදි කඩුලු 12ක් ලබා ගත්තේය.

තවද දෙවනි ටෙස්ට් තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට සියලු තරගකරුවන් දැවී රැස්කරගත හැකි වූයේ වූයේ ළකුණු 151 ක් පමණක් වන අතර, ඒ අනුව ඔස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා ළකුණු 350 ක් ලබා සිටියදි පරාජයට පත් වූ පළමු ටෙස්ට් තරගය මෙන්ම ශ්‍රී ලංකාව විසින් ඔස්ට්‍රේලියාව ඉනිමකින් පරාජය කළ පළමු අවස්ථාව ලෙසද මෙම තරගය ඉතිහාස ගත වන්නේය.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්