අම්බලන්ගොඩ බලපිටිය ප්‍රදේශයේදි අද (26) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ පොනදූව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තිදරු පියෙක් වන අතර, වෙඩි වැදීමෙන් අනතුරුව ඔහුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර මිය ගොස් තිබේ.

අදාළ පුද්ගලයා ඝාතන නඩුවක සැකකරුවෙක් වන අතර, ඔහුට මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ බලපිටිය අධිකරණය හමුවට ගොස් නැවත පැමිණෙන අතරතුරදි බව වාර්තා වේ.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්