වෙඩි තැබීම් හේතුවෙන් සිදු වූ පුද්ගල ඝාතන දෙකක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇත.

 

සිදුවීමක් ඊයේ (4) ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙන් වාර්තා වූ අතර පවුල් ආරවුලක් හේතුවෙන් සිදුවූ මෙම වෙඩි තැබීමේදී ඝාතනය වී ඇත්තේ 34 හැවිරිදි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වේ.

අනෙක් වෙඩි තැබීම ඊයේ (4) රාත්‍රියේ අහංගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර , අහංගම ගොවියාපාන ප්‍රදේශයේ අවන්හලක් තුළ සිදුවී ඇති මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ ස40 හැවිරිදි මිදිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

 

ඔහු මීට පෙර බන්ධනාගාර ගතව සිට සනිදහස ලබාගත් අයෙකු බවට අනාවරණය වී ඇති අතර විදුලිය විසන්ධි ව තිබූ අවස්ථාවක අදාළ අවන්හලට පැමිණ සැකකරුවන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇත .

 

වෙඩි තැබීමේ හේතුවෙන් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

 

මෙලෙස තුවාල ලබා ඇත්තේ එම අවන්හලේ මුදල් අයකැමිවරයා වශයෙන් කටයුතු කළ වයස අවුරුදු 19 ක තරුණයෙකි.

අදාළ සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්