මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එලෙස මිය ගොස් ඇත්තේ කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු වන සුමුදු රුක්ෂාන් නැමැති පුද්ගලයෙක් වන අතර ඝාතනයට ලක් වූ මන්ත්‍රීවරයා මුල්ලේරියාව බැංකු හන්දිය ආසන්නයේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ .

වෙඩි තැබීමට හේතුව පිළිබඳ නිශ්චිත තොරතුරු වාර්තා වාර්තා වී නොමැති අතර සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්