
අවසන් වතාවට වැඩිකළ මිලට වඩා විශාල ප්රමාණයකින් ඉදිරියේදී ගෑස් මිල අඩු කරන බවට ලිට්රෝ සමාගම කියා සිටියි.
ඒ පිළිබඳව දක්වමින් ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කර සිටියේ, ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල අඩු වීම හේතුවෙන් එළැඹෙන අගෝස්තු මස 5 වන දා වන විට ගෑස් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම ඉදිරි මාස 16 ක් දක්වා කාලසීමාව තුළ හිඟයකින් තොරව ගෑස් සැපයුම සිදුකළ හැකි බවද ඔහු කියා සිටියේය.