උණ්ඩියල් ක්‍රමය යටතේ මුදල් හුවමාරු කරන පුද්ගලයෙක් සතුව තිබී රුපියල් මිලියන 17 කට ආසන්න විදෙස් මුදල් තොගයක් සොයා ගැනීමට හැකිව ඇත.

කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද මෙහෙයුමකදි, වැලිගම ගල්බොක්ක ප්‍රදේශයේ නිවසකදි මෙම පුද්ගලයා අත් අඩංගුවට පත්ව ඇති අතර එම නිවසේ තිබී ඇමරිකානු ඩොලර් 18,208 ක්, එංගලන්ත පවුම් 645 ක් , යූරෝ 20,035 ක් , ජපන් යෙන් 100,000 ක්, කටාර් රියාල් 1,000 ක් හා ඩිරාම් 18,500 ක් පොලිස් භාරයට ගෙන ඇත.

27 හැවිරිදි සැකකරු අද (28) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්