නිවසක වහළේ උළු කැටයක් ඉවත් කර කාමරයක නිදා සිටි තරුණියකගේ ඇඟට පෙට්‍රල් හලා ගිනිතැබූ සැකකරුවෙක් සොයා පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය පවසයි.

එම සිද්ධිය වාර්තාවන්නේ, කෑගල්ල, අලතාවල, නීලපළා ගම්මානයෙනි.

20 හැවිරිදි එම තරුණිය බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති අතර ඇය මේ වන විට කෑගල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

සැකකරු එම තරුණියගේ පෙම්වතා බව පොලීසිය පැවසීය.

එම සිදුවීමට පෙරද එම සැකකරු එම තරුණියට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමට උත්සාහ දරා තිබූ බව වාර්තා වේ.

මෙන්න බලන්න තවත් පුවත්