ලෝක බැංකුවෙන් ලෝකයටම කරන නව අනතුරු ඇගවීම

රුසියානු – යුක්‍රේන ගැටුම හේතුවෙන් ආහාර, බලශක්ති සහ පොහොර මිල ඉහළ යාමත් සමග මෙම ආර්ථික අවපාතය ඇති විය හැකි බව එක්සත් ජනපදයේ පැවති ව්‍යාපාරික හමුවකදී එහි ප්‍රධානී ඩේවිඩ් මැල්පාස් සඳහන් කල බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෝක බැංකුව 2022 සඳහා වන ගෝලීය වර්ධන පුරෝකථනය පසුගිය මාසයේ 4.1% සිට 3.2% දක්වා සම්පූර්ණ ප්‍රතිශත ලක්ෂ්‍යයකින් අඩු කිරීම, රුසියානු – යුක්‍රේන ගැටුමේ බලපෑම උපුටා දක්වමින් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා සිටියේ.

ඩේවිඩ් මැල්පාස් සදහන් කලේ චීනයෙන් ඇරඹුණු කොරෝනා වසංගත තත්ත්වය ද ඊට බලපෑම් එල්ල කර ඇති බවයි. ඔහුගේ ප්‍රකාශය ලෝක ආර්ථිකය කඩා වැටීමට ඉඩ ඇති බවටත් ඉහළ යන අවදානම පිළිබඳත් නවතම අනතුරු ඇඟවීමක් බවයි මාධ්‍ය වාර්තා කර සිටියේ.

අපි ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය දෙස බලන විට… අප අවපාතයක් වළක්වා ගන්නේ කෙසේදැයි බැලීම දැන් අපහසු ය, ඔහු පවසූ බව වාර්තා වෙනවා.

තවද  බලශක්ති මිල ගණන් දෙගුණ කිරීම පිළිබඳ අදහස ම ආර්ථික අවපාතයක් ඇති කිරීමට ප්‍රමාණවත් වන බව ඔහු පෙන්වා දී ඇත. ඔහු පෙන්වා දුන්නේ, ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය ඇති ජර්මනියේ ආර්ථිකය දැනටමත් ඉහළ බලශක්ති මිල ගණන් හේතුවෙන් සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇති බවයි.

මෙම වසර අවසන් වන විට මිලියන 100 කට වැඩි ජනතාවක් නැවත අන්ත දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇතැයි අපේක්ෂා කරණ බවත්  යුරෝපය, චීනය සහ එක්සත් ජනපදය මන්දගාමී ආර්ථික වර්ධනයක් පෙන්වමින් සිටින අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් උද්ධමනය හේතුවෙන් ඊටත් වඩා දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති බව ඔහු ප්‍රකාශ පැවසුවා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්