
ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් හෙට (26) දිනයේත් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගම දැනුම්දී තිබේ.
මේ අනුව මහජනතාවට හෙට දිනයේ ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳීනොසිටින ලෙසට ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කර ඇත. කෙසේ වෙතත් 24 සහ 25 යන දින දෙකේදී ද ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්රෝ සමාගම මින් පෙර සඳහන් කර තිබුණි.
මේ අනුව එම සමාගම අඛණ්ඩව දින 3ක් ගෑස් බෙදාහැරීමක් සිදු නොවනු ඇති බව පැවසෙයි.