sri lanka warning to world
 

ලංකාවෙන් ලෝකයට අනතුරු ඇඟවීමක්

කොවිඩ් වසංගතය හේතුවෙන්  දැනටමත් ආර්ථික බිඳවැටීමට ලක් වී ඇති රටවල්වලට ඉදිරියේදි,   ශ්‍රී ලංකාව හා සමාන ආර්ථික අර්බුදයන් සහ මිනිසුන් දුක් විඳින  තත්ත්වයන් දැකීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ  පරිපාලක අචිම් ස්ටැනියර් මහතා කියා සිටියේ, “මේ වන විට ශ්‍රී ලංකාවේ දිග හැරෙමින් පවතින ඛේදනීය සිදුවීම් මාලාවක් අපි දකිනවා, එය දකින ඕනෑම කෙනෙකුටඑම සිදුවීම් මාලාව  අනතුරු ඇඟවීමක් විය යුතුය, ඔබ දන්නවා, මෙම අර්බුදය සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න සොයා ගැනීම රටවල් විසින්ම කළ යුතුයි.” යනුවෙනුයි.

එමෙන්ම විදෙස් ණය ගෙවීම පැහැර හැරීම මෙන්ම  රටට අත්‍යවශ්‍යම ද්‍රව්‍ය පවා ආනයනය කිරීමට නොහැකිවීම දක්වා අර්බුදය දරුණු වී ඇති බව සඳහන් කළ ඔහු තව දුරටත් පෙන්වා දෙන්නේ, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට  ඉන්ධන, ආහාර ද්‍රව්‍ය, ඖෂධ, පවා හිඟ ඉතා ගැටළු කාරී තත්වයකට මුහුණ දී සිටින බවයි.

මෙන්න බලන්න තවත් පුවත්