oil from russia
 

රුසියාවෙන් තෙල් ලැබෙන ළකුණු ?

රුසියානු ඉන්ධන සමාගම් දෙකක නියෝජිතයන් දෙදෙනෙකු අද (7) දිවයිනට ලඟා වී ඇති බව වාර්තා වේ.

එම නියෝජිතයන් දෙදෙනා අද මෙරට බලධාරීන් හමුවීමට නියමිත අතර වාර්තා වන ආකාරයට රුසියාවෙන් මෙරටට ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් එම හමුවේදී සාකච්ඡා කරනු ඇත.

මොස්කව් හා කටුනායක අතර පැවති සෘජු ගුවන් ගමන් සේවය මේ වන විට අවලංගු කර ඇති බැවින් ඔවුන් බහරේන් හරහා මෙරටට පැමිණි ඇති අතර, මෙරට දේශපාලඥයන් කිහිප දෙනෙකු විසින් ඔවුන්ව කටුනායකදි පිළිගෙන තිබේ. 

 

Source : Ada Derana

 

මෙන්න බලන්න තවත් පුවත්