මාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන ගාලු මුවදොර අරගලයේ කැපී පෙනෙන පුද්ගලයෙකු වශයෙන් කටයුතු කළ රැට්ටා නොහොත් රතිඳු සේනාරත්න මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහි චෝදනාව වන්නේ, පසුගිය මැයි මස 21 වනදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීමයි.

එමෙන්ම ඊට අමතරව අද (1) පස්වරුවේ ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනම් කරමින්ද කොළඹ මහේස්ත්‍රාත් වරයා විසින් නියෝගයක් පනවන ලදි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්