රැකියා සඳහා විදෙස් ගත වීම සියයට 286කින් ඉහළට

මෙම වසරේ මුල් මාස 05ක කාලය තුළ පුද්ගලයන් එක් ලක්ෂ 5,821 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එය පසුගිය 2021 වසරේ මුල් මාස පහට සාපේක්ෂව සියයට 286 ක ඉහළ යාමක් බවයි එම කාර්යාංශය පවසන්නේ. පසුගිය වසරේ මුල් මාස 5 තුල රැකියා සඳහා විදේශගතව ඇත්තේ පුද්ගලයින් 27,360 දෙනෙකු පමණයි.

මේ වන විට විදේශ රැකියා සම්බන්ධයෙන් බොහෝ පිරිස් විශාල වශයෙන් උනන්දුවක් දක්වන බවත් විදේශ රැකියා ලියාපදිංචි කිරිමේදී පහසුකම් රැසක් සළසා ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සදහන් කළා.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්