රාගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයෙක් හට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් රාගම දුම්රිය ප්‍රවේශ පත්‍ර කවුළු තාවකාලිකව වසා තැබීමට තීරණය කර ඇත.

කොවිඩ් වෛරසය ආසාදනය වූ ස්ථානාධිපතිවරයාට අමතරව එහි සේවයේ නියුතු තවත් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙක් මේ වන විට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බැවින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හැරුණු විට දුම්රිය ස්ථානයේ අනෙකුත් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරනු ලබයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්