පසුගිය අප්‍රේල් 19 වැනිදා රඹුක්කන ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණයක් අතරතුර පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට කෑගල්ල මහාධිකරණය විසින් ඇප ලබා දී ඇත.

අනුව මෙලෙස ඇප හිමි වී ඇත්තේ කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ බී කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු හටයි.

ඉන්ධන ලබා දෙන ලෙසින් ඉල්ලමින් ආරම්භ කළ උද්ඝෝෂණයක් අතරතුර දී අදාළ පොලිස් නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් දෙදරු පියකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ එම පොලිස් නිලධාරීන් මේ වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

මෙන්න බලන්න තවත් පුවත්