රඹුක්කන මහජන විරෝධතාවයට වෙඩි තැබීමේ සිදුවීමට අදාළ සැකකරුවන් ඊයේ (13) දිනයේ දී කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුවන් යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

අදාළ නඩුව සඳහා ප්‍රධාන චෝදනා ලැබ සිටින කෑගල්ල හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ඉදිරිපත් නොකර තිබුණු අතර ඔහු එලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරයේ කොමසාරිස්වරයාගෙන් සහ බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස මහේස්ත්‍රාත් වාසනා නවරත්න නියෝග ‍කර ඇති බව වාර්තා වෙනවා.

සිද්ධියට අදාළ නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබූ ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ 02ක, රුපියල් ලක්ෂ 275ක ඇප බැඳුම්කරයක් මත අයිතිකරුවන් වෙත නිදහස් කර ලෙස පොලීසියට එ‍හිදී නියෝග කළ අතර එම වාහන අලෙවි කිරීම හෝ කොටස් වෙනස් නොකරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්