රන් සහ විදෙස් මුදල් මෙරටට රැගෙන එන ජාවාරමකරුවන් රේගු නිලධාරීන්ගේ දැලට හසුවෙයි

රුපියල් කෝටි 19 ක් වටිනා ස්වර්ණාභරණ, රන් බිස්කට් සහ විදේශ මුදල් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් නීතිවිරෝධී ලෙස පිට කිරීමට තැත් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු  අත්අඩංගුවට.

ඒ,  ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින්. කිලෝ ග්‍රෑම් අට හමාරක් බරැති ස්වර්ණාභරණ සහ දෙකට කපා සකස් කළ රන් බිස්කට් මෙන්ම ඇමෙරිකානු ඩොලර් 75,000 ක් සහ යුරෝ 18,000 ක විදේශ මුදල් තොගයක් ද මොවුන් තිදෙනා තම ගමන් මලු සහ ඔවුන් ඇද සිටි කළිසම් සහ කමිස සාක්කුවල සගවා ගෙන සිටි බවයි ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු ඉන්දීය ජාතිකයන් වන අතර ඔවුන් රත්තරන් සහ විදේශ මුදල් ජාවාරමේ යෙදෙන්නන් බවටයි අනාවරණ වී තිබෙන්නේ. අනෙක් සැකකරු ශ්‍රී ලාකිකයෙක්. සැකකරුවන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබෙනවා.

ඔවුන් රැගෙන ආ ස්වර්ණාභරණ, රන් බිස්කට් සහ විදේශ මුදල් සියල්ල රාජසන්තක කිරීමට කටයුතු කළ රේගු නිලධාරීන් සැකකරුවන් තිදෙනාට රුපියල් 25,000 බැගින්  දඩ මුදලක් ගෙවන ලෙසටද නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ පැවසුවේ.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්