
රට වටෙන් ජන ගඟක් කොළඹට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් අති විශාල ජනතාවක් මේ වන විට කොළඹට පැමිණෙමින් සිටියි.
පසුගිය මාර්තු මස අග සිට ආරම්භ වූ මෙම ජනතා රැල්ල හේතුවෙන් මෙරට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර, අප්‍රේල් 9 දින ගෝල්ෆේස් මූලික කරගනිමින් ඇරඹි ගෝඨාගෝගම රට පුරා ව්‍යාප්ත වෙමින්, පවතින පණ්ඩුවට එරෙහි ජනතා විරෝධය දිනෙන් දින වර්ධන විය.
ඒ අනුව විපක්ෂයේ බහුතර දේශපාලන පක්ෂ සහයෝගිත්වයද සහිතව අද මෙම විරෝධතා ව්‍යාපාරය දියත් කරනු ලබන අතර, එහි මූලික අරමුණ වන්නේ වත්මන් ජනාධිපතිවරයා ධූරයෙන් පහ කොට , මෙරට මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදයන්ට විසඳුම් සෙවීමයි.