සිය තනතුරු වලින් ඉල්ලා අස්වී රටේ අනාගතය ජනතාවට බාර දෙන මෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියි.

අද (5) කොළැඹ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ විසින් මේ බව සඳහන් කොට සිටියේය.

එහිදි උන් වහන්සේ විසින් තව දුරටත් සඳහන් කරන්නට යෙදුනේ,

“අප රට අද පත්වී ඇති මෙම උග්‍ර අර්බුදකාරි, අසහනකාරි තත්වය සෘජුවම වගකිවයුතු වන්නේ ජනාධිපතිතුමා හා රජය පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ගන්නා ලද අදූර්දර්ශී හා අත්තනෝමතික තීරණ බව පිළිගත යුතුය.

තවමත් අපි දකින්නේ මේ කිසිදු ගැටළුවක් විසඳීමට රජයට කිසිදු සැලැස්මක් හෝ ඉදිරි හෝ නැති බව. මේ අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව සමස්ත රට වැසියා තුළ පවතින දැඩි අවිස්වාසයත්, අප්‍රසාදයත් මැද්දේ රාජපක්ෂ පවුල තවමත් බලයේ රැඳී සිටීම.

ඒ නිසා රටේ දුක් විඳින මහජනතාව වෙනුවෙන් මම ජනාධිපතිතුමාගෙන් හා රජයෙන් උදක්ම ඉල්ලා සිටින්නේ, මෙම  තත්වය යටතේ තව දුරටත් බලයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් ඔවුන්ට නැති බැවින්, රට වැටී ඇති මෙම ඛේදනීය තත්වයේ  වගකීම බාර ගෙන, තව දුරටත් ජනතාව පීඩාවට පත් නොකර,  තම තනතුරුවලින් ඉල්ලා අස්වී රටේ අනාගතය ජනතාවට නැවත බාර දෙන ලෙසයි.”

යනුවෙනුයි.

 

මෙන්න බලන්න තවත් පුවත්